Wadimal Obe Hithata
Others
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
පණටත් වඩා ඔබට ආදරේ කලා
එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා
ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා//අපේ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා
මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගණන් පුරවා
වරද මා..පිට තියා..මගේ පෙමට දෙපයින් ගසා
ඔබ ගියා ඇයි කියාලා නෑ තරහා ඔබ එක්ක මා
ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා//දින මාසයක් ගියත් ගෙවිලා මග තොටක හරි ඔබව දැකලා
දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා
මට අපේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා
ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා//වැඩිමල් ඔබේ...