Suhubul Watha Mandakini
Romesh Sugathapala
සුහුඹුල් වත නිකැළැල්
සිප ගන්නැ රළු දෙතොලින් නම් කිසිදා
ආදරේ හන්දා
මුතුවැල් වගේ හසරැල්
පරදාවි නිල් මානෙල් මල් සැමදා
ඔබේ රූ හන්දාරෑ පුරා මුළු රෑ පුරා නිදිවරා
මා නිදිවරා කල්පනා හීනයක තනි උනා
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ
හද පිපුනා මට දැනුනා ඔබ වෙනුවෙන් ආදරේ
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......නිල් අහසින් බැස ආ සඳ සාවී
විල් තෙරදී අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් මත මා දල්වන්නි
සිප ගනිමි යලි හමුවී මතු දවසක ආදරේමා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......