Sudu Parawi Rena Se

Priya Sooriyasena

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ - ඈ තාම නෑ 
 
පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා 
පිරුණු සඳක් සේ මහද දිලේ 
යහළු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ - ඈ තාම නෑ
 
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ - ඈ තාම නෑ
 
මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා
ඉර හඳ දහසක් පරදා
ඈ තාම නෑ - ඈ තාම නෑ
 
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ - ඈ තාම නෑ
 
ගායනය - ප්‍රියා සූරියසේන
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - සරත් ද අල්විස්