Soduriya Kalaya Kotharam
Amarasiri Piris
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරියපෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරියලොවට හොරා විළිලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය