Sihina Hora
Others
සිහින හොරා මේ හිත කියවලා
හොරැහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා
හදේ හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුණා
තරු දෑස හෙමින් කියන කතා හොදින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා.......හිත කීරිගැහෙනා
පින්තාරු සිනහා
මනමාලකම් පෑදුවා වේ
සංකාවෙ පෙලෙනා
සන්තාප හරවා
ඔබ මාගෙ හීනෙට උනාවේ..
තරු දෑස......සුභ හීන පෙනෙනා
රෑ තිස්සෙ නොනිදා
පෙම් හීන මල්වර උනා වේ
හිත දෝරෙ ගලනා
ඔබෙ ආලෙ ඉල්ලා
ලංවෙන්න කාලය තමයි මේ...
තරු දෑස...සිහින හොරා.........