Seetha Sunil Diya
H.R. Jothipala
සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරු ලිය පිරිලා වන මල් පිපිලා
හිත අලවයි ඇස නලවයි //තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
මහ ගිරිදඹ පසු කරලා
යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්ත කූඨ රජාගේ
කමණීයයි රමණීයයිසීත සුනිල් දිය දහරා..
නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදී
සිත සැනසෙයි පින පලදෙයිසීත සුනිල් දිය දහරා..