Sandu Walakulin Nithi

Wijaya Bandara Welithuduwa

සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගියමුත්
යලි මතකයට නැගේ //

දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා //
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලූවා

සඳු වලාකුලෙන්.....

විහිළුවක් කලා අමනාප වෙලා
ඇස් රතු කර ගත්තා //
වැළලී ගිය පෙම් පුරාවත කියා
මා අසරණ වුවා

සඳු වලාකුලෙන්.... //