Sande Ahase Irata

Dayarathna Ranathunga

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා

ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා..
බලාපොරොත්තුව ලයට තුරුල් වී
ඈ එන පෙර මඟ බලා සිටිනවා..

දුකට මිහිර දෙන පාලුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා..
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා.