Ruwal Iri Giya
Nanda Malani
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි
නොගිලී දළ රළ පෙල අතරේ
මාහා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේදෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේසුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට