Rosa Thol Sibimi
Karunarathna Diwulgane
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයිපිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයිඅඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි