Re Ahase Tharu Ganina
Others
රෑ අහසේ තරු ගනිනා පුංචි නංගියේ....
පැදුරු කුටියෙ ගුලි වීලා නිදිද නංගියේ...
අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ...
මක්කරන්න නුඹෙ අයියා පොඩියි නංගියේ...//හැලිය පිරිලි ගෑරොප්පුව අපට උරුම නෑ....
පහන් තිරේ තෙල් නැතුවම නිදාගන්න බෑ....
මගෙ නංගිව නලවගන්න සුරකුමරියො නෑ....
බත් ටික අනලා කවන්න නුඹෙ අම්මා නෑ....රෑ අහසේ තරු ගනිනා......
අම්මා ගිය ඒ ලෝකෙට අපට යන්න බෑ....
රන්පාටින් දිලිහුනු මල් මාල අපට නෑ....
නුඹ විතරයි මට ඉන්නේ වෙන කවුරුත් නෑ....
අඬන්නෙපා නංගි නුඹව දාල යන්නෙ නෑ.....//