Osari Potin Adinnaepa
Nanda Malani
ඔසරි පොටින් අදින්නෙපා වළාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕළු විලට පනින්නේපෙතන් කැලේ වළි කුකුළෝ මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවාපට සළුපිළි කසී රටේ වෙලපෙති දිගේ වඩිනවා
මාල වළලු අපට ගෙනා තරු අතර දිලෙනවා
ගමේ කමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා