Mulu Gathama Wehesuna
Others
මුලු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා
කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා..//
වෙහෙසීලා දුක් විදලා කම්මලේ යකඩ තලා
වෙහෙසීලා දුක් විදලා කම්මලේ යකඩ තලා..පාන්දරින් නැගිටලා දෙවියන් වැද පුදලා
දරුවන් මුව සිඹලා ගිණිමැලය දල්වලා
යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම් හදලා
ගැලට පන උපදවලා දවසෙ වැඩ අරඹාලා...මුලු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා
කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා..//දඬු අඬුව තදකලා යකඩෙ ඊට හයිකලා
දෑතෙ වාරුව යොදලා පීර කිරි කිරි ගාලා
පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා
හැදුවෙ කම්මලේ තියලා මාගෙ වරුණෙ පෙන්නලා...මුලු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා
කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා..//අඬ ඇණය ඇදවෙලා යකඩ පට්ටම ගෙවිලා
බරබාගෙ පෙරළිලා මා ළඟට පැමිණිලා
මම වරුණෙ පෙන්නලා කඩිමුඩියේ වැඩ කළා
බරබාගෙ නැගිටිලා යළි යෑම අරඹලා...මුලු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා
කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා..//
