Midule Sudu Wali Thalaye
Henry Kaldera
මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ//බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි//
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා//මිදුලේ සුදු වැලි තලයේ..
අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා//
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා//