Mewalam Mokatada
Chandana Liyanarachchi
මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේදෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ
රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ
හඬන්න මට ඉඩ දුන්නට යළි යළි නෙත් කඳුලූ
කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ
සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ
නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ