Mango Kalu Nande

Clarance Wijewardana

මංගෝ කලු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
සැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ

බුලත් කොරටුවේ ළපටි දළු පැහේ
මංගොට දැන්හරිම වැඩ වගේ
පොළට ගෙනල්ලා ලාබෙට විකුනාලා
ගෙදර එන්නෙ හිනෑ වැහි වැහී

මංගො නැන්දගේ දුව අන්ගො කුමාරී
ගිය සුමානෙ පැනල ගිහිල්ලා
ඇය අඩා වැලපිලා පොලොවේ හැපි නැගිලා
වැඩක් නෑනෙ දැං පසුතැවිලා.

අහල පහල හැමෝම ඇගෙ කටට බය වෙලා
ඉන්නෙ ඇයට දිනුම පවරලා
මමා ගෙදර ආවදාට ඈව හිරවෙලා
දහයට ගැනගන්න බැහැ වගේ