Mal Pokuru Pokuru
Victor Rathnayaka
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...
පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...මල් පොකුරු පොකුරු...//
සිංදු කියන බමරු විලස ලංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...මල් පොකුරු පොකුරු...//
ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ