Mal Pokurak Athe
Ajith Muthukumarana
මල් පොකුරක් අතේ තියන් වුණාට ඔබ මනමාලිය
පුංචි නංගි අපේ ගෙදර හිටිය එකම හැඩකාරිය
විඳගන්නට බැරි තරමයි අයියට ඔබෙ වෙන්වයාම
අම්මා නැති අපට අම්මා වුණෙත් පුංචි නංගියායගෙදර දොරේ වැඩපලටත් තිස්සෙම කඩිසර පාටයි
කියන කියන දේ අහගෙන දෙන උත්තර කටකාරයි
අබ්බගාත තාත්තාගේ ලඟින් සිටිය හඳපානයි
වාවගන්න බැරි තරමට අපේ කඳුලු දඟකාරයිමල් පොකුරක් අතේ තියන්......
සුභ නැකතට යන ගමනෙදි නැති බැරිකම් නොපෙනේවා
මේ කටු මැටි බිත්ති හතර මංගල තිළිණය වේවා
දෙපා වඳින විට ඇවිලෙන හද ගින්දර නොදැනේවා
ඔබෙ පෙම් ලොව නිර්මල රතු රෝස මලක් පිබිදේවාමල් පොකුරක් අතේ තියන්......