Mage Oru Kadath
Nalin Perera
මගේ ඔරුකඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
නමුත් මුහුදු යායුතු
රැක ගන්න ජීවිතේමගෙ බිරිඳ නිදිමරන් සාදා
දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ
හද පුරවා ගෙනත් පැතුම්අව්ව සැරයි සුළන් වැඩියි
සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රළ නැග ඒවී
ජීවන මරණය අතර සටනකිමහ දියඹේ අඝාදයේහි
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම වෙරළ පුරා ගොඩට ගේනවාවෙරළ දිගේ සුදු වැල්ලේ මා
එනතුරු දරුවන් මග බලා හිඳී
වෙහෙසවෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ