Madura Wasanthe
Athula Adhikari
මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයිදේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේකියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේමධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා