Lassana Nam Ne Penenne
Sanath Nandasiri
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ //
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි
ලස්සන නම් නෑ පෙනෙන්නේ..උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ //
වැයූ වගේ හවුල් වී ගැයූ රඟේ කොවුල් ගී
ඒ යොවුන් ළඳුන් කොහේදෝලස්සන නම් නෑ.....
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ //
සිතූ සිතුම් සිඳීලා පැතූ පැතුම් බිඳීලා
ජීවිතේ ගමන් විලාසේ ....ලස්සන නම් නෑ.....