Kese Rahas Pawasami

Lahiru Perera

කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්

ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ
දුක් වේදනා - මගෙ නිව්වා
මවකි මටනම් - මගෙ අක්කා

කෙසේ රහස් පවසම්....

සරසියකි මටනම් ඔබ අනතප් විලේ
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ
ඔබ දිවි මගේ මල් පිපියන
මතු භවයෙදිත් අක්කා වෙයන්

කෙසේ රහස් පවසම්....//