Kadulu Hela Nebiliyata

Deepika Priyadarshani

කඳුළු හෙලා නෑඹිලියට
සහල් ගරන අම්මා
සුසුම් හෙලා ගිනි දලු ගෙන
ලිප මොලවන අම්මා

වෙල්දෙනිවල ඇවිද ගොසින්
වෙරළු ගෙනත් අම්මා
ඉනිවැට ළඟ බලා හිඳී
අපි එන තුරු අම්මා

මව්කිරි බිදෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව්කිරි බිදෙන් බිඳ
ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිබ සිබ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හඬාලා

කදුලු හෙලා...........

දරුවන් අනේ රජවන තුරු මග බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කදුලක් කරවා
බුදු වන පුතුන් හට ඇය ඉනිමන් තැනුවා ///