Kada Mandiye Dola Ayine
Nanda Malani
කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසීගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දාසයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී