Ira Sanda Wedala
H.R. Jothipala
ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
අත ඔබේ නළලේ තියා
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ගණඳුර පහව ගියා
මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා
මම ආදරෙයි කියාසතර දිගන්තේ සොඳුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමී
ඇස පිය නොහැරා දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමිමුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ළඟනම්
ජීවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ