Ira Hada Payana Loke
W.D. Amaradewa
ඉර හඳ පායන ලෝකේ
අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
සැප දුක සමබරවේඋකුළේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ
සැප දුක සමබරවේවැඩිවන ආශා මැඩලන වේගේ
ජීවන මග කැළඹේ
ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවින කතරේ
සැප දුක සමබරවේ