Hunnasgira Wage
Idunil Andaramana
හුන්නස්ගිර වාගේ නොසැලී
ඇතෙක් වාගෙ දිවි බර අදිතී
ගෙදර බුදුන්ටත් නෑ දෙවැනී
තාත්තෙ ඔබ බෝසතුන් වැනීඔය පපුතෙරේ සෙනෙහස ඔබේ
නෑ කිසිදින සිදුනේ..
බවෙන් බවේ පිය පුතු සෙනේ
පෙරුම් පුරන් එන්නේ..තාත්තේ මේ ඇහුනද.. මං ආදරෙයි....
හිත පරඩැල් වුනු මේ දිවි කතරේ
ඔබේ අනුහසිනි දෙපයින් සිටියේ
නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවාතාත්තේ මේ ඇහුනද.. මං ආදරෙයි....
දුක සැප කැලතෙන ඉරණම් ගමනේ
ඔබේ සෙනෙහසිනි සිවි සරු වූයේ
නිසි පාර පෙන්වා මා පසු පසම සිටියා
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවාතාත්තේ මේ ඇහුනද.. මං ආදරෙයි...