Hudekala Wiramayedi

Asanka Priyamantha

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේනොවේ සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලංවෙලා ටිකක්//

මුනගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ//
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ

හුදෙකලා විරාමයෙදි.........

රන් හුයෙන් බැදෙන්නෙ ලෝකෙ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිලිනයක්//
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්

හුදෙකලා විරාමයේදි..........