Hithuwakkari Nubanam

Others

හිතුවක්කාරී නුඹ නම් සොඳුර...
අනෙ හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතුකැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ...//

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළඟක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර...//
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

හිතුවක්කාරී නුඹ නම් සොඳුර...

සරුංගලේ ලස්සන දිස් වන්නේ උඩු ගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි...//
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැනිය ගිනිකෙළියයි
හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම
සැනකෙළියයි

හිතුවක්කාරී නුඹ නම් සොඳුර...

හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන...////