Hithata Hitha Pem Keru

Nadeera Nonis

හිතට හිත පෙම් කෙරූ තරම්
මතක නැතිවද පැතූ පතුම්
හුස්ම නුඹ මගේ හුස්ම තරම්
වටිනවා මගේ රත්තරන්

ඔය සිනාවේ ඔය කතාවේ මිහිර අමතක   නෑ...
වේදනාවයි කදුල පමණයි සතුට මට හිමි නෑ...
රිදුම් නොම දෙන් වේදනා ඇති තවත්  උහුලනු බෑ...
ගැහෙන හදවත මියැදුනු දාටත් අමතක වෙන්නේ නෑ..

හිතට හිත පෙම් කෙරූ තරම් ....

පැතුවේ පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලබැදී ....
ලැබුණේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලි ....
රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී...
මගේ හදවත මියැදුනු දාටත් අමතක නොම වේවී...

හිතට හිත පෙම් කෙරූ තරම් .....