Hiru Dewiyo Tharaha
Chamara Ranawaka
හිරැ දෙවියො තරහ වෙලා තාම ආවේ නෑ
කුලී වැඩක් කරන අපට වැඩට යන්න බෑ
මන්දිරවල වරැසාවට බිම තෙමෙන්නෙ නෑ
අපේ පැටව් බඩගිනි දැනුනට අඩන්නෙ නෑ//කෙනෙකුට සැප ඇති කාලෙට තව කෙනෙකු දුකේ
සංසාරේ හැටි මෙහෙමයි බුදුවදන් හැගේ
පෙරකල පව් තව පියවී නැති වෙලා වගේ
හිනාවෙන්න කොහොමද උඔ කියාපන් පුතේහිරැ දෙවියො....../
වතුර බිංදු උදලු මිට දිගේ බේරෙද්දී
පය දියවී උදලු තලේ මඩ තැවරෙද්දී
මං එනකං බඩ ගින්දර උඔ උහුලද්දි
පොලව කැපෙයි අඩමින් පස් තට්ටු බුරැලු වීහිරැ දෙවියෝ....../