Hinawenna Bari Tharamata

Uresha Ravihari

හිනා වෙන්න බැරි තරමට 
හඬාගන්න බැරි තරමට
හිනා වෙන්න බැරි තරමට 
හඬාගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා...... 
තැනූ මාලිගා.....

කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා... මැවෙන ගීතිකා....

දෙතොල නම් ගොළුයි මුවකමල මල් සමයි //
හිතට නෙතට සුවඳ ගෙන දිලා
නුඹ රහසින ඇවිත් මගේ ලොවම හීනයක් කලා...

අහසනම් දුරයි සඳ නේන වග සැබැයි //
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොඳ කලා