Himi Sanaramara Loka
Malani Bulathsinhala
හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිදේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වදිමි නිබදේ
පාද වදිමි නිබදේහිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිදේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබදේ
මිහිර දකිමි නිබදේ.හිමි දං ආකර ගුණමිණි සාගර
ලොව්තුරු බුදු සමිදේ
හිත සුවදායක බුදු ගුණ ගීයක
රසය විදිමි නිබදේ
රසය විදිමි නිබදේ.හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිදේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වදිමි නිබදේ
පාද වදිමි නිබදේ