Himi Sadu Ahimiwa
Chamara Weerasinghe
හිමි සදු අහිමිව හඬනා
අපෙ අම්මා දැක දැක
ඉදින්නෙ මං කොහොමද
ඒ මුහුන බල බල
වෙන ළඳකට පෙම් බැඳලා
ගියාට දුරක
දුර වැඩිනෑ අප්පච්චී
ඉන්න නිවසටඇනුම් බැනුම් ලොව අසමින්
වැලපෙන අම්මා
කඩුල්ල ළග නුඹ එනතුරු
බලාඉන්නවා
ඇගෙ සෙනෙහස රවටාලා
දුක් ගිනි දීලා
වෙන ළඳකට පෙම් බැන්දේ
ඇයි දැයි මන්දාඅපේ හිතට සවිය දුන්න නුඹගේ සෙවන
අහිමි වෙලා අද ඇවිලෙයි හිතේ ගින්දර
ඒඋනාට තව සුවදයි නුඹේ සෙනෙහස
අප්පච්චී එන්න ඉතින් අද හෙට ගෙදර