Hamdamath Yaluwe
Somathilaka Jayamaha
හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
මගේ පාළු පැලට එන්න
කවුරුත් නැ යාළුවේ…පිපි කුසුමෙහි රන් මුවරද
නිති පිනවින් සේමා
නිතිගෙ කිරණ වැද රඟදුන්
පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ…හැමදාමත් යාළුවේ…
සව්සිරි සැම මා අතහැර
අද වෙනතක රැදිලා
මින් මතු තනිකම තනියට
මගෙ පැලතුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැන ද මිතුරනි…හැමදාමත් යාළුවේ…