Ekama Magaka Piyawara
Punsiri Soisa
එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි..//වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙලා
හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට..//
මගේ ලොවින් පිට නොයන් පලා..//එකම මගක..
මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ..//
කුසුම් පිපේවා පවන් සලා..//එකම මගක..