Eka Yayata Mal Pidunu

Sanath Nandasiri

එක යායට මල් පීදුණු බිම් තීරේ
පාර දිගේ කනින් කනට 
කොඳුර කොඳුර ඔබයි මමයි 
විතරයි හිටියේ.......

රාස්සිගේ අව්ව වැටී 
දඹරන් වූ ඔබෙ කෙහෙරැලි
සුලඟ සමඟ පොර බැදුවා
ඔබට මතක නැති වුණාට
අද වාගේ මතකයි මට..........................

ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන අතර
දොලේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති වුණාට
අද වාගේ මතකයි මට..........................

එක යාය⁣ට මල්..............................