Duras Wannata Me Lesin
Dayarathna Ranathunga
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේඅත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකදඅනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද