Dedunnen Ena Samanalune
Sanath Nandasiri
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේදවසක් දා බෝ මළුවේ
තනි වූ දාකදි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
භවෙන් බවේ පෙර ආවාසේ
භවෙන් බවේ මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේදේදුන්නෙන් එන.....
ආදරයේ සුවඳ ලෙනෙ
තනි වී උන්නා අප දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් අරණේඔබ පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැළි පෙරළේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේදේදුන්නෙන් එන.....