Dedunne Pata Patin

Sanath Nandasiri

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දූ
සන්ධ්‍යාවේ නිම් වලල්ලේ
මායාවී දෑස දැල්වී
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ...//

ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන් කල් දකිනා ඇල්මෙන් රඟනා
තණ්හාවකින් ලං ලං වෙලා......

දේදුන්නේ පාට........

රන් මෙවුලේ නෙත් රැඳේවී
පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමේ අඳුරේ
කැන්දා ගනී මෝහනය වී......

දේදුන්නේ පාට........