Daiwaye Saradamin
Samitha Mudunkotuwa
දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙනව ද මගෙන්...හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙන්න ද මගෙන්...