Balanna Duwe Dagara Waliga

Rodney Warnakula

බලන්න දුවේ පුතේ - අපූරු අලුත් සතෙක්
මර්ෂුපිලාමියයි කියල මෙයාගෙ නම තිබුණෙ පොතේ
දගර වලිග ලප වානර අලුත් නමක් පටබදිතේ

දිය යට කිමිදෙනවා - අහසේ ඉගිලෙනවා
කොටියෙක් වගෙ පුල්ලි ඇතේ
දිග වලිගය කසය වෙතේ...
වලිගෙ බලෙන් දගරවලිග
විස්කම් පෙන්වයි දසතේ...

කැලෑ සතුන් විපතේ - වානර කුපිත වෙතේ
දගර වලිගයේ බලයෙන් එවැනි හූනියම් නසතේ
හොද අය කොයි කාටත් - වෙනසක් නෑ හිතවත් 
වානර කුලේ උනත් අපිටත් වැඩියෙන් යහපත්

පදිනව ඔංචිල්ලා - කඩනව ගස් හොල්ලා 
වලිගා නැති අපිටත් මෙහෙම වලිගයක් ලැබුණොත්
හනුමන්තාගෙ කුලේ - පෙන්වයි වලිගෙ බලේ

පද රචනය : අතුල රන්සිරිලාල්.
සංගීතය : ජයන්ත රත්නායක.
ගායනය : රොඩ්නි වර්ණකුල.