Awwe Muthu Ata Wapura

Krishantha Erandaka

අව්වේ මුතු ඇට වපුරා 
ඒ මුතු පනමට හරවා 
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුස ගින්නේ 
ඉද හිනැහෙන්නේ අපෙ අප්පච්චී 
නුඹ කුස ගින්නේ අපෙ අප්පච්චී 

අපා දෙපා සිව්පාවුන් 
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වට කර 
දඩු වැට වෙද්දී 
මහකැළේට ඇස්මානා අපෙ අප්පච්චී 

අව්වේ මුතු ඇට ......

ජීවිතයේ ඹබර වෙලින් 
පැණි හොයලා රූටන්නේ 
හිත හයියට කලවැල් පොට වරපොට වෙච්චී 
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී 

අව්වේ මුතු ඇට ...