Awasan Dawase Apa
Others
අවසන් දවසේ අප හමුවූ දා
ඔය තුරුලේ මා හිස හංගා
කඳුලින් රිදුමන් තුරන් කරාදෝ
ඒ අවසන් හමු වීම නිසා
නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසාසුසුමින් සුසුමට රහසින් හඬලා
සමුගමි ගිලන් වී අපි දෙන්නා
හිත පිරි මගෙ දුක නුඹට කිව්වේ නෑ
ඒ රිදුමන් දුක වැඩි හන්දා
තාමත් අපි ආදරේ හන්දා
අවසන් දවසේ......දෙගුරුන් පෙවී නුඹට තනන ලොව
භාර ගන්න මා ගැන නොසිතා
බිඳුවක් නොසිතා ඉමු අපි දෙන්නා
ඒ ආදරේ දුක වැඩි හන්දා
අදටත් අපි ආදරේ හන්දාඅවසන් දවසේ අප හමුවූ දා
ඔය තුරුලේ මා හිස හංගා
කඳුලින් රිදුමන් තුරන් කරාදෝ
ඒ අවසන් හමු වීම නිසා
නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා//