Asi Piya Gasana
Dimanka Wellalage
ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා
නෙත නිදි නැතිව පැතු හින හිත දවනවා
මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා...
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා...
හිත දවනවා නෙත ඉකිබිදිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා...නෑ සුදු සේල මුතු මාල කුමරි මගේ
නිල් නෙතු දෑල හැමදාම අහිමි ඔබේ
මගේ මනමාල හිත තාම නුහුරූයි වගේ
බැමි බිඳ දා ඔබ ගාව සැතපෙනු කෙසේ
සිත රිදෙනවා ..සිත ඉකිගසනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවාඔබ දුර ඈත සිතිඡයක තරුවක් වගේ
මම තනියෙන්ම මෙහි මෑත මහා සාගරේ
මතු යම් දිනෙක ඔබ නෙන බව මට හැඟේ
මියයනු තුරුම තනියෙන්ම වාවනු කෙසේ
ගතු කියනවා හිත ඉකිබිදිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා .....