Asa Getena Hema Thanama
Namal Udugama
ඇස ගැටෙනා හැම තැනම
කොහේහෝ හිනැහී ඉන්නවා
ඇස පියනා හැමවිටම
හීනෙනුත් නුඹ ළඟ ඉන්නවාදහවල් පුරා මෙහෙම ඇවිදින්
හීනෙන් වගේ පාරේ ඇවිදින්
දවසම ගෙවී රෑට ඇවිදින්
හීනෙන් හිදී ළඟට ඇවිදින්නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ..
මේ වාගේ කවදාවත්
ළඟ ඉන්න බැරි බවත් දන්නවා
නුඹ මාගේ ළඟ ඉන්න
හීනෙන්ම දවසක් ගෙවෙනවාකාලේ ගෙවී සවස ඇවිදින්
ඇහැරෙන්න වී දිනෙක හීනෙන්
නුඹ පෙන්වූ ඇස් කඳුළු ඇවිදින්
පිය වෙන්න වෙන දවස ඇවිදින්නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ...