Allagena Perada Detha

Others

අල්ලාගෙන පෙරදා දෑත
ළං කරලා ඔය සුදු මුහුණ 
හුරතල් තොල් කනපිට පෑව
ආදරණීයයි ඒ දවස 
ඔය හිත තේරුම් ගත්තට මට පිං දුන්නෙ කව්දෝ එදා..
ඇහෙනවනම් මගෙ සුදු මැණික 
ඉස්සර වාගෙම අමතන්න.
හිමි නොවුනට දුක නෑ මැණික 
ඔබේ සතුට ගැන පවසන්න..

රිදුනේ නෑ මට හදුනාගත්තා
මිනිසුන් කවුදැයි කියා
තරහක් නෑ අද සමාව දෙන්නම්
මගෙ පරම පෙම ඔබ නිසා
හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොද නිසා
ඇහෙනවනම් මගෙ සුදු මැණික 
ඉස්සර වාගෙම අමතන්න 
හිමි නොවුනට දුක නෑ මැණික 
ඔබේ සතුට ගැන පවසන්න 

වැටුනේ නෑ හිත වටහාගත්තා පාඩමක් ඔබ නිසා
පලිගත්තේ නෑ රිදවන්නෙත් නෑ මං පිරිමියෙක් වූ නිසා 
හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා
ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොද නිසා

අල්ලාගෙන පෙරදා දෑත.......