Ahasai Oba Mata
Deepika Priyadarshani
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි..ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා..අහසයි ඔබ මට..//
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි..අහසයි ඔබ මට..//