Adin Pasuwa Ne Apa
Punsiri Soisa
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි...
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි...//වරද මගේදැයි - වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ...//
එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ..අදින් පසුව නෑ...
කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ...//
පිසින්න අවසර දෙන්න ලඳේ මට
අවසන් කඳුලක් ඔය දෙනෙතේ..අදින් පසුව නෑ...