Adarayaka Haguman
Malani Bulathsinhala
ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //දෙමාපියන් සොහොයුරන් වෙතේ
හද පිදි ආදරෙ ඉමක් නැති //
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් හිතේආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටිමදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී //
මා හද තුල මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදීආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //